සොබාදහම් මාතාව🍀
විටෙක නුඹ කාරුණික උවැසියකි
සියලු සතුන්ගේ විඩාව නිවන
තවත් විටෙක යකුස් වෙස් ගත් කාලියකි
ගස් ගල් පෙරලමින් ලොවම කම්පා කරවන..
ඍතුවට හැඩ ගැසෙමින්
විටින් විට නොයෙක් වෙස් ගත්තද
නුඹේ ගත රුහිරෙන්
නිබඳව ජීවය ලබා ගන්නා
නොයෙක් මිනිසුන්ගේ
දුෂ්ටකම් හමුවේ වුවත්
නිරතුරුව දරුවන් රකින මවක මෙන්..
ඔවුන්වම ඇකයට ගෙන රකින
සොබාදහම් මාතාවනි
ඔබට දිගාසිරි......
Comments
Post a Comment