Posts

සේනානි මෑණියනි...

Image
  ජීවිතය ජය ගන්න සිප් සතර ලබා දෙමින් අභියෝග ජයගන්න  හදවතට දිරිය දෙමින් හිත බැදි මිතුරු මිතුරියන් සිව් දෙසින් මුණගස්සමින් ඔබේ ඇකයට ගෙන නොමදව රැකවරණය සපයමින් සරසවි වරම් ලබන්නට  මඟ පෙන්වූ  සේනානි මෑණියනි... ඔබේ තුරුලට ආ පළමු දින විඳි  ආදරණීය හැඟීම  අදටත් එසේමය,         නමෝ සේනානි....

සොබාදහම් මාතාව🍀

Image
  විටෙක නුඹ කාරුණික උවැසියකි සියලු සතුන්ගේ විඩාව නිවන තවත් විටෙක යකුස් වෙස් ගත් කාලියකි ගස් ගල් පෙරලමින් ලොවම කම්පා කරවන.. ඍතුවට හැඩ ගැසෙමින් විටින් විට නොයෙක් වෙස් ගත්තද නුඹේ ගත රුහිරෙන්  නිබඳව ජීවය ලබා ගන්නා නොයෙක් මිනිසුන්ගේ දුෂ්ටකම් හමුවේ වුවත් නිරතුරුව දරුවන් රකින මවක මෙන්.. ඔවුන්වම ඇකයට ගෙන රකින සොබාදහම් මාතාවනි ඔබට දිගාසිරි......  

පුංචි පුතු❤️

Image
මගේ දෙවැනි මව වූ සෙනෙහෙබර ඇයගෙන් ලද වටිනාම තිළිණය නුඹම විය, ජීවිතයේ පාළුව තනිකම නුඹගේ කිරි සිනහවෙන් නිවී මා හද සෙනෙහසේ නවාතැනක් විය, දෝතට ගෙන සෙමින් දෙනෙත් මෙන් රකිනා නුඹේ දෙවන මව මා විය, මා කුසින් නොවැදුවද ලේ කිරි නොවුනද පුත නුඹ මගේ පනම විය....

⁣කොරෝනා,

Image
  වෛරසයක්,, මරණය අභියසට යන්නට  හේතුවක් වූයේ කිමද, ඉගෙනීම රැකියාව විවාහය සියලු දේ  පසෙකට දමා වසර ගණනක්  අහිංසක ජීවිත  බිලි ගනිමින් නොයිඳුල් හීනයන්  කඩා බිඳ දමන්නට තරම් වෛරසයක් කුරිරු වූයේ මන්ද,,,

හිමි නැති නැවතුම,,,

Image
  දවසක්ම ඇස් අස්සේ වරුවක්ම හිත් අස්සේ ජීවිතේ තිබෙන තුරු සිත් සේ කොතනින් ද නවතින්නෙ.. දිනූ හැමදේම මත්තෙ නෑහීගෙන නිදි නැත්තෙ කොතන කාටද⁣ කොහොම හිමි වෙයි ද නෑ දන්නෙ තියන්නට අවසන් හුස්ම  නිදහසේ හිස් අහසේ....

යුවතිය

Image
  නිසල විලක රඟන  රණ හංස යුවලක සේයාරුවක හැඩ විඩාබර දෙනෙත් අග්ගිස්සක පුංචිම පුංචි  රිඳුම් කඳුලක්ද ඇත,, නාරිලතා කඳක සිරිද  නා දළු දෙතොල රත් පැහැ ගැන්වූ.....ද, හිත මන්මත් කළ ආලවන්ත හැඟුම් සමුදායක ගිලුණු නිසොල්මන් වූ ඇය ඔහුගෙ ගත සුව පිණිස  කැප කරා වූ ජීවිතයට කොයින්ද වටිනාකම්......  

සතුට

Image
 🙂🙂                                                                                  😥😥 සැමදා එක හා සමව ලැබුව ද ක්ෂණයෙන් අහිමි වී යන්නේ දරාගත නොහැකි වේදනාවන් ඉතුරු කරමිනි.. ජීවිතය විඳිමි කියා  සතුට සොයා පියමැන්නද පිපාසය නොසංසිඳුන මුවපොව්වකු සේ අතරමං වන්නේ.. සතුට ලබනවාත් සමඟ  දුක උරුම වන හෙයිනි...