පුංචි පුතු❤️
මගේ දෙවැනි මව වූ
සෙනෙහෙබර ඇයගෙන් ලද
වටිනාම තිළිණය නුඹම විය,
ජීවිතයේ පාළුව තනිකම නුඹගේ
කිරි සිනහවෙන් නිවී මා හද
සෙනෙහසේ නවාතැනක් විය,
දෝතට ගෙන සෙමින්
දෙනෙත් මෙන් රකිනා
නුඹේ දෙවන මව මා විය,
මා කුසින් නොවැදුවද
ලේ කිරි නොවුනද
පුත නුඹ මගේ පනම විය....
Comments
Post a Comment