යුවතිය

 


නිසල විලක රඟන 

රණ හංස යුවලක

සේයාරුවක හැඩ

විඩාබර දෙනෙත්

අග්ගිස්සක

පුංචිම පුංචි 

රිඳුම් කඳුලක්ද ඇත,,

නාරිලතා

කඳක සිරිද 

නා දළු දෙතොල

රත් පැහැ ගැන්වූ.....ද,

හිත මන්මත් කළ

ආලවන්ත හැඟුම්

සමුදායක ගිලුණු

නිසොල්මන් වූ ඇය

ඔහුගෙ ගත සුව පිණිස 

කැප කරා වූ ජීවිතයට

කොයින්ද වටිනාකම්......





 






Comments

Post a Comment