සීගිරි සිත්තමක් වූ දියණිය...
පියෙකුගේ විලාපය..
කසී සළු පළි ගත දරන්නට
අඬගසයි සුව මන්දිරේකට
නොයන් කීවත් කෙසේ නවතනු
රාජ අණ මට විසල් වූ විට
ගියා පමණකි නැතිය යලි ඈ
ආවෙ මගෙ පොඩි පැල්කොටේ වෙත
ගියේ මැදුරට අරන් පොඩි දුව
බිත්ති වටකොට ඉදිකෙරූ ලොකු
විසල් මැදුරකි දෙනත එදිරිව
උඩුකයත් ඇගෙ අඩක් නිරුවත්
වෙලයි තිබුනේ අහෝ අකලට
වෙලා දෙනෙතම වසා දෑතින්
අහක් කරගෙන මුවින් ඒ රුව
ඉබේටම මට හීල්ලූයේ
ලොකු කෙලී සිතුවමක් වූවම
අහක් වූවත් දෙනෙත් ඈ වෙත
හීන් කඳුලක් නෙතින් වෑහුන
සේද සළු නැති ඇගේ පියයුරු
සිත්තමක් වී තියෙයි නෙත්කොන
ඉබේටම රළු දෙඅත උදුරා
පොඩි දුවගෙ නෙත් වසන් කළ මම
හේතුවක් නැති අහේතුවකට
ඇයව දෙන් නෑ සිතුවමක් වෙත
පෑගිලා ගිය ලොක්කිගේ විලි
වසා දැමුමට නොහැකි වූ කළ
බේරගන්නට පොඩි කෙලීවත්
අරන් ආවත් මැදුරෙ කොනකට
සුර ලොවක් ඇය හට තනන්නට
බාර දුන්මුත් විසල් ලෝකෙට
ඇයත් දැන් නිරුවතින් විකිනෙන
සිත්තමක් විතරක්ය මැදුරක...
🖤
ReplyDelete🖤💜️
ReplyDelete❤️❤️
ReplyDelete😍😍❤️
ReplyDelete🤩✍️
ReplyDelete😍❤️
ReplyDelete😍😍
ReplyDelete❤✍️
ReplyDelete